![](/images/Screenshot%202024-03-18%20111425.png#joomlaImage://local-images/Screenshot 2024-03-18 111425.png?width=377&height=376)
විදුහල්පති පණිවිඩය
මහත්මිය.D.M.P.S.K.දිසානායක ය
"මාතලේ දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම පාසල බවට පත් වීම" දැක්ම කොටගෙන යටවත්ත කොට්ඨාසයේ කීර්ති නාමය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉහළ තැනක ඔසවා තබන මා/වීර පරාක්‍රම ද්විතීයික පාසල මධ්‍යම පළාත සතු දීප්තිමත්ම පාසලකි.නව තාක්ෂණික ක්‍රමවේදයන් සහ විෂය පථයන් ඔස්සේ අනාගත ලෝකයට වැඩදායී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක යෙදෙන ගුරු සහ ශිෂ්‍ය පරපුරකින් පෝෂිත අප විද්‍යාලය සිසු දරු දැරියන්ගේ හැරවුම් ලක්ෂ්‍යයක් වීම සතුටට කාරණයකි.
කලාප,දිස්ත්‍රික්,පළාත් මෙන්ම සමස්ත ලංකා මට්ටමේ පළමු පෙළ ජයග්‍රහණ රැසකින් ලක්මව සැරසූ දක්ෂතාපූර්ණ මගේ සිසු ප්‍රජාව සහ විරු පැරකුම් ආදි ශිෂ්‍ය එකමුතුව විද්‍යාලයට ගෙන දෙන්නේ මහා පවුරක ශක්තියකි.
විශේෂයෙන්ම පාසලේ තොරතුරු තාක්ෂණ අංශය විසින් පසුගිය වසර පුරාවට අත් කරගත් ශීඝ්‍ර දියුණුව,විවිධ පාර්ශ්ව සමඟ අදහස් හා තොරතුරු හුවමාරුවේ දී ඉතා ඵලදායී ලෙස භාවිතයට ගත හැකි බව මම තරයේ විශ්වාස කරමි.
අප පාසල හා සම්බන්ධ සියලු අංශයන් හා පාර්ශ්වකරුවන් වෙත පාසලේ උන්නතියට අවශ්‍ය කරන සහයෝගය ලබා දීමට හැකි හොඳම මාධ්‍යයක් බවට මෙම වෙබ් අඩවිය පත් කර ගැනීමටත් දරුවන් සමඟ අත්වැල් බැඳ ගැනීමටත් මෙය ආරාධනයක් සේ පළ කරමි.
මෙම යහ කටයුත්තෙහි සාර්ථකත්වයට දරදිය ඇදි සැමටත් නන් අයුරින් උර දුන් සැමටත් මාගේ හද පිරි කෘතඥතාව පිරිනැමෙන අතර යහගුණදම්වලින් මෙන්ම නව තාක්ෂණික අධ්‍යාපනික වටිනාකම්වලින් හෙබි දරු පරපුරක් අනාගත ලෝකයට බිහි වේවා'යි පැතුම් තබමි.
මහත්මිය.D.M.P.S.K.දිසානායක ය
විදුහල්පති
වීර පරාක්‍රම ජාතික පාසල.