සිරිලක සුන්දර වීරපරාක්‍රම ජාතික පාසැල් මාතා........
නැණ බල තෙද යුතු සිසු කැල එකතුව දින දින ආසිරි පතමු.......
කුල මල ජාතිය ආගම් භේදය දුර හැර පෙර පෙරමුණ ගනිමු...//
පාසැල් මව සිය දරුවෝ
සොහොයුරු දහමින් දරුවො
දස දෙස ජයගොස විහිදා
අප හට සැප සිරි ශාන්ති සදා දෙන රකින්නෙමු පාසැල් මාතා
රකිමූ රකිමූ නිති ඔබ නම රකිමු නිති ඔබ නම රකිමු
ජාතික මහජන සමාජ සේවය දෙස බස රැස රිසි ගන්වා
සිප් සතරින් ඔබ වැඩු හෙල දරුවන් බිහි කල පාසැල් මාතා...//
ජයවේ ජයවේ නිති ඔබ හට ජය වේ ..//